මහනුවර නගරයේ රැජිණ හෝටලය ආසන්නයේ පිහිටි බෝධීන් වහන්සේ අසලදී, පෙරහැර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පුද්ගලයෙකු විසින් පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.
ඊයේ (23) පස්වරුවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දී ඇත. පහරදීම හේතුවෙන් රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියකගේ හිස්වැසුම පවා බිම වැටී තිබේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ අසල සිටි වෙනත් නිලධාරීන් ඊට මැදිහත් නොවූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. කෙසේ වෙතත්, පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් විසින්ම විනාඩි 20ක පමණ කාලයකට පසු සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර