රට තුළ දූෂණය වැළැක්වීම, විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීම සහ රාජ්‍ය පරිපාලනය තුළ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පවතින දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති නීතිමය සහ අර්ථකථන ගැටලු මෙන්ම, පනතේ සිංහල සහ ඉංග්‍රීසි පාඨ අතර පවතින නොගැලපීම් විසඳීම මෙම සංශෝධනවල මූලික අරමුණ වී ඇත.
එමෙන්ම, දූෂණ විමර්ශන සහ නඩු පැවරීමේ ක්‍රියාවලියේදී පවතින බාධාවන් ඉවත් කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබේ.
විශේෂයෙන්ම, වත්කම් හා බැරකම් ප්‍රකාශ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා ඉදිරිපත් කිරීමේදී පැන නැගී ඇති ප්‍රායෝගික දුෂ්කරතා මගහරවා ගැනීමට මෙම නව සංශෝධන මගින් මග පෑදෙනු ඇත.
මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම තුළින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ කාර්යභාරය වඩාත් ශක්තිමත් සහ කාර්යක්ෂම වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර