ලොව පුරා අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාවේ ජෝන් ස්නෝ ලෙස රංගනයෙන් දායක වූ කිට් හැරින්ටන්, ඉදිරියේදී විකාශය වීමට නියමිත HBO හි නව ‘හැරී පොටර්’ රූපවාහිනී කතා මාලාවට එක්වීමට නියමිතය. ඔහු එහිදී ගිල්ඩරෝයි ලොක්හාර්ට් නම් චරිතයට පණ පොවනු ඇත.
මීට පෙර මෙම චරිතය සඳහා නිකොලස් හෝල්ට් තෝරාගෙන තිබුණද, කාලසටහන් ගැටලු හේතුවෙන් ඔහුට එම අවස්ථාව මගහැරී ගියේය. ඒ අනුව, එම චරිතය සඳහා කිට් හැරින්ටන්ව නිෂ්පාදකවරුන් විසින් තෝරාගෙන තිබේ. හැරින්ටන් මීට පෙර Audible ඔස්සේ නිකුත් වූ හැරී පොටර් ශ්‍රව්‍ය පොත් මාලාවේදී ද මෙම චරිතයට හඬ දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි.
නව කතා මාලාවේ පළමු කොටස මේ වසරේ නත්තල් සමයේදී HBO Max ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත. ජේ.කේ. රෝලින්ගේ පොත් මාලාව ඇසුරින් නිර්මාණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය ඉදිරි වසර 10ක කාලයක් පුරා විකාශය කිරීමට නියමිතය.
මෙම කතා මාලාවේ හැරී පොටර් ලෙස ඩොමිනික් මැක්ලොෆ්ලින් රංගනයෙන් එක්වන අතර, ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙස ජෝන් ලිත්ගෝ සහ රූබියස් හැග්රිඩ් ලෙස නික් ෆ්රොස්ට් ද රංගනයෙන් දායක වේ. ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ හි අධ්‍යක්ෂවරයෙකු වන මාර්ක් මයිලොඩ් මෙම කතා මාලාවේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කිරීම ද තවත් විශේෂ සිදුවීමකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර