ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා ළමුන් ඇබ්බැහි කරවන සුළු අයුරින් නිර්මාණය කර ඇති බවට ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක් විසින් ගොනු කළ නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නඩුව විසඳා ගැනීම සඳහා මෙටා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 18ක වන්දි මුදලක් ගෙවීමට එකඟතාව පළ කර ඇත.
සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ළමුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ බලපෑම් එල්ල වන බවට නඩු පවරමින් ප්‍රාන්ත රජයන් පෙන්වා දී තිබුණි. මෙම වන්දි මුදල අදාළ ප්‍රාන්ත අතර බෙදා දීමට නියමිත අතර, මෙය ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවක් ලෙස සැලකේ. මෙටා සමාගම ගෙවීමට එකඟ වූ මෙම මුදල ඔවුන්ගේ මාස 3 සිට 4 දක්වා කාලයක ලාභයට සමාන බව වාර්තා වේ.
වන්දි ගෙවීමට අමතරව, ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම වේදිකාවල ක්රියාකාරීත්වයේ වෙනස්කම් සිදු කිරීමට ද මෙටා සමාගම එකඟ වී ඇත. ඒ අනුව, ඉදිරි වසර 10ක කාලය තුළ ළමුන්ට දිනකට පැය දෙකක කාලයක් පමණක් සමාජ මාධ්‍ය භාවිත කිරීමට අවසර හිමිවනු ඇත. එසේම, දෙමාපියන්ගේ අවසරයකින් තොරව මධ්‍යම රාත්‍රියේ සිට අලුයම 6 දක්වා කාලය තුළ එම වේදිකා භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
තම සමාජ මාධ්‍ය වේදිකා හේතුවෙන් ළමුන්ට මානසික බලපෑම් එල්ල වන බවට එල්ල වූ චෝදනා මෙටා සමාගම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, නීතිමය ක්‍රියාමාර්ග සහ මහජන විරෝධය හමුවේ නඩු කටයුතු අවසන් කිරීමේ අරමුණින් මෙම එකඟතාවට පැමිණි බව පැවසේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර