මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ පැවති 42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය. සාමය, මෛත්‍රිය සහ මනුෂ්‍යත්වය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීම රජයේ ප්රමුඛ අරමුණ බව ඔහු පැවසීය.
රටේ අතීතයේ පැවති ජාතිවාදී ගැටුම්වලින් පාඩම් උකහා ගනිමින්, එවැනි විනාශකාරී සිදුවීම් යළි ඇති නොවීමට වගබලා ගැනීම වත්මන් රජයේ වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස්වල සමානාත්මතාවය තහවුරු කරමින් ජාතික සමගිය ගොඩනැගීම රට සංවර්ධනය කිරීමේ මූලික අත්තිවාරම බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
නීතිය ඉදිරියේ සැවොම සමාන බවත්, බලය හෝ ධනය මත නීතිය වෙනස් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ගෞරවනීය ප්‍රතිරූපයක් ගොඩනැගීමට පසුගිය කාලය තුළ රජය පියවර ගත් බවද ඔහු පැවසීය.
මෙම උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ආගමික නායකයින්ගේ සේවය ඇගයීමට ලක් කෙරුණු අතර, ජාතික මීලාද්-උන් නබි සැමරුමට සමගාමීව පැවති තරගවල ජයග්‍රාහී සිසුන් වෙත ත්‍යාග ප්රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර