ආබාධ සහිත දරුවන් සමාජයේ ඉතා අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා සමාජ දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දෙයි. විශේෂයෙන්ම දරුවන් අහිතකර සමාජ බලපෑම්වලින් මුදා ගැනීමට දෙමාපියන්, ගුරුවරුන් සහ සමස්ත සමාජයම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ඇය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ වේනිවැල්කොල පිහිටි ‘ශිෂ්යෝදය’ ජාතික විශේෂ හා ඇතුළත් අධ්‍යාපන ආයතනය වෙත පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. ආයතනයේ ව්‍යුහය සහ සංවර්ධනය විය යුතු අංශ පිළිබඳව මෙහිදී ඇය කරුණු විමසා බැලුවාය.
2019 වසරේදී ඇතුළත් අධ්‍යාපන ප්‍රමිතීන්ගෙන් බැහැරව ආරම්භ කර ඇති මෙම ආයතනය, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක් බවට පත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමට ද ඇය යෝජනා කළාය.
ආයතනයේ සිසුන් සඳහා අවශ්‍ය චිකිත්සකවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟය මගහරවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වී කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය. මීට අමතරව, ආයතනයේ ගොඩනැගිලි සහ උපකරණ නිසි ලෙස නඩත්තු කිරීමේ වැදගත්කම සහ ගුරුවරුන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ, හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර