2023 මාර්තු මස සිදු වූ නායයෑමේ ව්‍යසනයෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ කබරගල පවුල් 50ක් සඳහා ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය අද (28) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස පවරා දීමේ උත්සවය පැවැත්වේ. මෙම ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් සඳහා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් සහ වර්ග අඩි 550කින් සමන්විත අංගසම්පූර්ණ නිවසක් බැගින් ලබා දී ඇත.
නව නිවාසවල පදිංචියට පැමිණෙන පවුල් වෙත ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කට්ටලයක් ද ලබා දීමට පියවර ගෙන තිබේ.
වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වූ පවුල් වෙත ස්ථිර නිවහනක් සහ අභිමානවත් ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර