ඉදිරි වසර 10ක කාලය තුළ ශ්‍රී ලංකාවට සිය විදේශ ණය වගකීම් කිසිදු ගැටලුවකින් තොරව ඉටු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. කොළඹදී තානාපතිවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
සාර්ථකව සිදුකළ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි වසර 10 තුළ වාර්ෂිකව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට වඩා අඩු මට්ටමක පවතින බව අධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් දක්වා වර්ධනය වී ඇති අතර, වසර අවසානය වන විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම, විදේශ ප්‍රේෂණ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලැබෙන සහාය මෙම සංචිත ගොඩනැගීමට ඉවහල් වී ඇත. ඉදිරි වසරවලදී මෙම සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව යළිත් ස්ථාවර මාවතකට පිවිස ඇති බව පෙන්වා දුන් ආචාර්ය වීරසිංහ මහතා, මෙම වසරේදී සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව සඳහන් කළේය. එසේම, රජයේ ආදායම් තත්ත්වය ද පසුගිය කාලයට සාපේක්ෂව දෙගුණයකින් වර්ධනය වී ඇති බව ඔහු අවධාරණය කළේය.
මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන සමඟ සාකච්ඡා පවත්වමින් රටේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘B’ මට්ටම දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර