ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානය සහ දන්ත ධාතූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර මංගල්‍යය වසර 10ක විරාමයකින් පසු නැවතත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
13 වැනි සියවසේ පළමුවන බුවනෙකබාහු රජු සමයේ ආරම්භ වූ මෙම පූජෝපහාර පෙරහර, පසුගිය කාලයේ රටේ පැවති විවිධ අභියෝගාත්මක තත්ත්වයන් සහ විහාරාධිපති හිමිවරුන්ගේ අපවත් වීම් හේතුවෙන් තාවකාලිකව නතර වී තිබුණි.
පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ උත්සවය පසුගිය 21 වැනි දින සුබ මොහොතින් සිදු කෙරිණි. ඒ අනුව, අද (28) පස්වරුවේ පිරිත් සජ්ඣායනා පැවැත්වෙන අතර, හෙට (29) රාත්‍රී 7.00ට අලි ඇතුන් පිරිවරා ගත් ප්‍රධාන පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙම සංස්කෘතික මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති අරමුදල, ලොතරැයි මණ්ඩලය සහ වයඹ පළාත් සභාව ඇතුළු ආයතන රැසක් දායකත්වය ලබා දී ඇත. පෙරහර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් සැපයීමට මහව පොලීසිය සහ ප්‍රාදේශීය බලධාරීන් කටයුතු යොදා තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර