දිත්වහා ආපදාව හේතුවෙන් හානි වූ කොට්ටුකච්චිය ගොවි සංවිධානයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වැය කිරීමට නියමිතය. මෙම අවස්ථාවට අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බවයි. ගොවීන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක පොලී රහිත ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
තවද, වී ගොවිතැනට පමණක් සීමා නොවී පශු සම්පත් ක්ෂේත්රය ඇතුළු විවිධාංගීකරණය වූ ආදායම් මාර්ග වෙත යොමු වන ලෙස අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය. අක්කරයකින් ලැබෙන අස්වැන්න ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත විද්‍යාත්මකව වගා කටයුතු සිදුකිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය සීමා කර ඒ වෙනුවට සහල් භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, රසායනික හා කාබනික පොහොර නිසි අනුපාතයට භාවිතා කරමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර