ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ, වෙනිසියුලාව සතු තෙල් බැරල් බිලියන 65ක ප්‍රමාණයක් ඇමරිකාවේ පාලනය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
මෙය ලෝක ඉතිහාසයේ මෙතෙක් අත්සන් කර ඇති විශාලතම තෙල් ගිවිසුම බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තම මගපෙන්වීම යටතේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම සාර්ථක කරගෙන ඇත. වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් මහත්මිය සමඟ මෙම ගිවිසුම අත්සන් තැබීම සිදු කර තිබේ.
මෙම ගිවිසුම හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් ආරම්භ වන බවත්, එය ඇමරිකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවත් විචාරකයින් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර