ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීමේ අරමුණින් නව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (PHNO) 72 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

මෙම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (31) සිදු කෙරෙන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

අදාළ පත්වීම් ප්‍රදානය කිරීමේ නිල උත්සවය අද පස්වරු 1.00 ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේදී ආරම්භ වීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version