2026 වසරට අදාළ අස්වැසුම සුභ සාධක යෝජනා ක්රමයේ නව ප්‍රතිලාභී නාම ලේඛනය ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ, මෙම නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා දින 10ක කාලයක් ලබාදෙන බවයි.
ලැබෙන අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු, අදාළ ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීමේ කටයුතු සැප්තැම්බර් මස අවසන් සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
