මොරටුමුල්ල, ඉදිබෙද්ද, කුරේ ප්‍රදේශයේ පිහිටි දැව මෝලක පසුපස කොටසේ තිබී මිනිස් හිසක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රදේශයේ දැව මෝලක හිමිකරුවෙකු විසින් ඊයේ (30) උදෑසන 8.00ට පමණ මෙම හිස දැක ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කර තිබේ.
තොරතුර ලැබීමත් සමඟ මොරටුමුල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ සඳමාලි මහත්මිය ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළාය.
පොලිසිය සඳහන් කළේ, හමුවූ මිනිස් හිස දැඩි ලෙස නරක් වී ඇති බවත්, සතුන් විසින් කා දමා තිබූ බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර