මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය යළි උත්සන්න වෙමින් පවතින අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ජෝර්දානය, කුවේට් සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කර ඇත.
මෙම ප්‍රහාර දියත් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාන ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බව වාර්තා වේ. ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර සහ එක්සත් ජනපද නාවික කඳවුර ඉලක්ක කර බර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන පාර්ශ්වය තහවුරු කරයි.
ප්‍රහාර මාලාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඉරානයේ උත්තරීතර නායක මොජට්බා කමේනි සඳහන් කළේ, වොෂින්ටනයට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට තම සන්නද්ධ හමුදා පියවර ගෙන ඇති බවයි.
කුවේට් හමුදාව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ඉරාන ආක්‍රමණය හේතුවෙන් සතුරු ඩ්‍රෝන යානා ප්‍රහාරවලට මුහුණ දීම සඳහා එරට ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇත. ප්‍රදේශයේ ඇසෙන පිපිරුම් හඬ ගුවන් ආරක්ෂක පද්ධති මගින් සතුරු ඉලක්ක විනාශ කිරීමේ ප්‍රතිඵලයක් බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙම සිදුවීම් මාලාවත් සමග මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය දැඩි අවදානමකට ලක්ව ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය මේ වෙත යොමුව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර