නේපාල-ටිබෙට් දේශසීමා ආශ්‍රිතව හටගත් දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ශ්‍රී ලාංකික පවුලක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. චන්ද්‍රසේකරන් මුරලිදරන් (47), ඔහුගේ බිරිඳ ෂයිලාජා මුරලිදරන් (42) සහ ඔවුන්ගේ පුතුන් වන අශ්වින් (14) සහ ආරුෂ් (11) යන සිව්දෙනා මෙලෙස අතුරුදහන් වී ඇත.
මෙම පවුල කයිලාෂ් කන්ද ආශ්රිත ප්‍රදේශයේ වන්දනා චාරිකාවක නිරතව සිටියදී මෙම ව්‍යසනයට මුහුණ දී තිබේ. ඔවුන් අවසන් වරට තම ඥාතීන් සමඟ සම්බන්ධ වී ඇත්තේ අගෝස්තු 26 වන දින උදෑසන වන අතර, ඉන්පසුව ප්‍රදේශයේ සන්නිවේදන පද්ධති සහ මාර්ග ජාලය විනාශ වීමත් සමඟ ඔවුන් පිළිබඳ තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු වන චන්ද්‍රසේකරන් මුරලිදරන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඕස්ට්‍රේලියානුවන් 15 දෙනෙකුගෙන් යුත් සංචාරක කණ්ඩායමක් සමඟ මෙම ගමනට එක්ව සිටි බව සඳහන් වේ. ව්‍යසනය සිදුවන අවස්ථාවේදී ඔවුන් නේපාල-චීන දේශසීමාව ආසන්නයේ පිහිටි රසුවගඩි ප්‍රදේශයේ සිටි බවට විශ්වාස කෙරේ.
අතුරුදහන් වූවන් සොයා නේපාල බලධාරීන් සහ ඕස්ට්‍රේලියානු කොන්සියුලර් නිලධාරීන් එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත. මෙම ව්‍යසනය මෑත කාලීනව හිමාලයානු කලාපයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක් ලෙස සැලකෙන අතර, අතුරුදහන් වූවන් පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර