තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයක් ඉලක්ක කර ගනිමින් මෙම මංකොල්ලය සිදුව ඇති බව පොලිසිය පවසයි. ආයතනය තුළට ඇතුළු වූ පුද්ගලයින් සිව්දෙනෙකු විසින් එහි තිබූ රුපියල් කෝටි 6.5ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ලකා ඇත.
ප්‍රාථමික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් ඊයේ (01) දින පස්වරුවේ මෝටර් රථයකින් පැමිණ මෙම අපරාධය සිදු කර ඇති බවයි. කොල්ලය සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර