එක්සත් ජනපදයේ දරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව නීති මාලාවක් හඳුන්වා දීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයකට අනුව මෙම පියවර ක්‍රියාත්මක කෙරේ.
මෙම නව යෝජනාව යටතේ, දරුවෙකු වෙනුවෙන් ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී දෙමාපියන්ට හෝ භාරකරුවන්ට තමන්ගේ වලංගු ඇමරිකානු ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ග්‍රීන් කාඩ්පත වැනි ලේඛන ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. මීට පෙර දරුවා සමඟ ඇති සම්බන්ධතාව තහවුරු කිරීම සහ ඡායාරූප සහිත හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් විය.
ඇමරිකානු පුරවැසිභාවයේ වටිනාකම සහ අර්ථය ආරක්ෂා කිරීම මෙම නව නීතිවල මූලික අරමුණ බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටොමී පිගොට් සඳහන් කරයි. මෙමගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ විනිශ්චය ක්‍රියාවලිය වඩාත් දැඩි සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ දෙමාපියන්ගේ නීත්‍යානුකූල සංක්‍රමණ තත්ත්වය පිළිබඳව දැඩි පරීක්ෂාවක් සිදු කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයාගේ ජන්ම අයිතිය මත පුරවැසිභාවය ලබා දීමේ ක්‍රමවේදය සීමා කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙය සැලකේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර