මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර, එහිදී මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන ඉදිරි පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
පසුගිය වසරේ ඔක්තෝබර් 30 වන දින සිට මේ වසරේ අගෝස්තු 30 දක්වා වූ මාස දහයක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් මත්ද්‍රව්‍ය වැටලීම් 13,944ක් සිදුකර ඇති බව මෙහිදී අනාවරණය විය. එම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 106.331ක් ලෙස වාර්තා වේ.
මත්ද්‍රව්‍ය මර්දන කටයුතු හුදෙක් ආරක්ෂක අංශවලට පමණක් සීමා කළ නොහැකි බවත්, ඒ සඳහා දෙමාපියන්, ගුරුවරුන්, ආගමික නායකයින් සහ සිවිල් සමාජ සංවිධානවල දායකත්වය අත්‍යවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හුදෙක් දඬුවමට ලක් කිරීම වෙනුවට, නීතිය ක්‍රියාත්මක කිරීම, නිවාරණය, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය යන අංශ හතරම ඒකාබද්ධ කරමින් මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර