අභියාචනාධිකරණයේ පැවති විනිසුරු පුරප්පාඩුවක් සඳහා සජීවනී තිල්කා ලක්මාලි කරුණානායක මහත්මිය පත් කර ඇත. ඇය ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිය ධුරයේ දිවුරුම් දුන්නාය.
මෙම පත් කිරීමට පෙර ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කරමින් සිටියාය. නීති ක්ෂේත්රයේ ඇය සතු අත්දැකීම් සහ වෘත්තීය දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම උසස්වීම ලබා දී තිබේ.
අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස ඇයගේ දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර