ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් (Brydon Carse) තෝරාගෙන නොමැති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) පවසයි.
මෑතකදී ඩර්බි ප්‍රදේශයේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් පවතින විමර්ශන සහ ඒ ආශ්රිත කරුණු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩකයාට අවශ්‍ය කාලය ලබාදීම මෙම තීරණයේ අරමුණ බව ECB ප්‍රකාශකයෙකු සඳහන් කරයි. මෙම තීරණය කිසිදු විමර්ශනයක අවසන් ප්‍රතිඵලයක් පිළිබඳ පූර්ව තීන්දුවක් නොවන බවද ඔවුන් අවධාරණය කර ඇත.
ඩර්බි ප්‍රදේශයේ බාර් එකක් අසලදී බීමතින් කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට කාර්ස් මීට පෙර කෙටි කාලයකට අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
බ්‍රයිඩන් කාර්ස් මීට පෙරද විනය ක්‍රියාමාර්ගවලට ලක්වූ ක්‍රීඩකයෙකි. 2024 වසරේදී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඔට්ටු ඇල්ලීමේ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට මාස තුනක තරග තහනමක් පැනවීමටද පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම තහනමෙන් පසු ඔහු එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දැක්වීමට සමත් විය. විශේෂයෙන්ම පසුගිය ඔස්ට්‍රේලියානු අළුබඳුන (Ashes) තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවට පත්වූයේද ඔහුය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගාවලිය විස්සයි20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත වේ. තරගාවලිය සැප්තැම්බර් 15 වැනිදා සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ වීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර