ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අද (21) සිට ඉදිරි දින තුනක් ජාතික ශෝක කාලයක් ලෙස රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන දිනවලදී දිවයින පුරා පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයට මහඟු මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට කලාකාරිනියකගේ අභාවය වෙනුවෙන් මෙම ගෞරවය පුද කිරීමට රජය තීරණය කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර