ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ ආරම්භක පියවර ලෙස හෙට (06) බේරුවල සහ බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී ජන රැලි දෙකක් සංවිධානය කර ඇත.
‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ යන තේමාව යටතේ මෙම රැලි මාලාව ක්‍රියාත්මක කෙරේ. එක් එක් දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ප්‍රධාන රැලි දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඒ සෑම අවස්ථාවකටම ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමට නියමිතය.
මෙම වැඩසටහනේ ඉදිරි රැලි ලබන 12 වනදා පොළොන්නරුවෙන් සහ 13 වනදා අනුරාධපුරයෙන් ආරම්භ වේ. ඉන් අනතුරුව 20 වනදා මාතරදීත්, 27 වනදා ගම්පහදීත් ජන රැලි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ජනතා අපේක්ෂාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම ජන රැලි මාලාවේ අරමුණ බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර