ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කර තිබුණද, එම නියෝගය නිකුත් කිරීමට පෙරම ඔහු රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තහවුරු කරගෙන තිබේ.
පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජයසේකර මහතා ඇතුළු තිදෙනකුට ඔක්තෝබර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් මෙම විදෙස් ගමන් තහනම පැනවීය. කෙසේ වෙතත්, CID සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු අගෝස්තු 31 වැනිදා තායිලන්තය බලා දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි.
මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනටමත් කරුණු වාර්තා කර ඇත. ප්‍රේමලාල් ජයසේකර මහතා සමඟ හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ හිටපු කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා යන අයද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී සිදුවූ වෙඩි තැබීමකින් ශාන්ත දොඩංගොඩ මහතා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වේ. මීට පෙර රත්නපුර මහාධිකරණය මගින් මොවුන්ට මරණ දඬුවම නියම කළද, පසුව අභියාචනාධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබුණි. එම නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනයක් මත ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර