සැප්තැම්බර් මාසය සඳහා ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් (LAUGFS) ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, පාරිභෝගිකයින්ට දැනට පවතින මිල ගණන් යටතේම ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ හැකියාව පවතින බව සමාගම සඳහන් කරයි.
පසුගිය ජූලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල අවසන් වරට සංශෝධනය කෙරිණි. එම සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් අඩු වූ අතර එහි වත්මන් මිල රුපියල් 4,965ක් ලෙස පවතී.
එමෙන්ම, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 512කින් අඩු කිරීමට පියවර ගත් අතර, එහි වත්මන් මිල රුපියල් 1,988ක් ලෙස තීරණය කර තිබිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර