තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර, වැලිපරයක අතරමංව සිටි පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (05) දින මුදාගනු ලැබීය.
මුදාගත් පිරිස අතර පියෙකු සහ ඔහුගේ වයස අවුරුදු 11ක් හා 13ක් වන දරුවන් දෙදෙනෙකු සිටින බව නාවික හමුදාව තහවුරු කරයි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණි පිරිසක් බවයි.
මෙම මෙහෙයුමට අමතරව, ඊයේ දිනය තුළ පමණක් ළමුන් පස්දෙනෙකු, කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකුට සහන සැලසීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
අතරමංව සිටියදී මුදාගත් මෙම පිරිස ඉදිරි නීතිමය සහ පරිපාලන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර