විශ්වවිද්‍යාල යනු සිසුන්ට සිය අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි, ආරක්ෂාව සහ ගෞරවය දැනෙන ස්ථාන විය යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවති විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටු (CVCD) සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවය කරන කාර්ය මණ්ඩලයට ද ආරක්ෂිත සහ ගුණාත්මක වෘත්තීය පරිසරයක් හිමිවිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. උසස් අධ්‍යාපන ආයතන හුදෙක් උපාධි ලබාගන්නා ස්ථාන පමණක් නොව, තරුණ තරුණියන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කරමින් ලෝකයට සූදානම් කරන මධ්‍යස්ථාන බවට පත් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.
නවීන තාක්ෂණය, විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) අධ්‍යාපන ක්ෂේත්රයට හඳුන්වා දීමේදී සයිබර් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රටේ සමාජීය හා ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විශ්වවිද්‍යාල පර්යේෂණ සහ නව නිපැයුම්වල දායකත්වය ලබා ගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පරිවර්තනය කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර