මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිතය පූජා කළ විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පසුගියදා හේවාදිවෙල, දුල්මුණේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගියේය.
2009 වසරේ මැයි 17 වන දින නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පැවැති සටනේදී සතුරු ප්‍රහාර හමුවේ නොසැලී තම සගයන් ආරක්ෂා කරගනිමින් සිදු කළ අසමසම වීරත්වය වෙනුවෙන් එච්. පී. එස්. බණ්ඩාර මහතා පරම වීර විභූෂණ (PWV) සහ රණ ශූර (RSP) පදක්කම්වලින් පිදුම් ලැබීය.
මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිවරයා රණවිරුවාගේ බිරිඳ වන දර්ශනී නයනා වීරගොඩ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් හමුවී ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා සහ යහපැවැත්ම පිළිබඳව සොයා බැලුවේය.
රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ විරෝදාර රණවිරුවාගේ මතකය ආවර්ජනය කළ හමුදාධිපතිවරයා, රණවිරු පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාවේ පූර්ණ සහයෝගය නිරන්තරයෙන්ම හිමිවන බවට සහතික විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර