ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍යා නිකේතන් ප්‍රදේශයේ පිහිටි මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක් අද (06) පස්වරුවේ හදිසියේ කඩා වැටී තිබේ. පස්වරු 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, එම ගොඩනැගිල්ල පුද්ගලයන් 75 දෙනෙකුට පහසුකම් සහිත නේවාසිකාගාරයක් ලෙස භාවිත කර ඇත.
සිද්ධිය සිදුවන අවස්ථාවේ නේවාසිකාගාරය තුළ සිසුන් 50කට ආසන්න පිරිසක් සිටි බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. ඉරිදා දිනයක් බැවින් බොහෝ සිසුන් ගොඩනැගිල්ල තුළ රැඳී සිට ඇති බව සඳහන් වේ.
මේ වන විට ගිනි නිවන රථ 12කට අධික සංඛ්‍යාවක් සහ බර යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් සුන්බුන් ඉවත් කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පොලිසිය විසින් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මුදාගෙන ඇති අතර, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක පළ කෙරේ.
ප්‍රදේශයේ සිටින දේශපාලන නියෝජිතයන් පවසන පරිදි, සුන්බුන් අතර සිරවී සිටින ඇතැම් පුද්ගලයන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇත. ආරක්ෂිත පියවරක් ලෙස කඩා වැටුණු ගොඩනැගිල්ලට යාබදව පිහිටි ගොඩනැගිල්ලද මේ වන විට හිස් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර