වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල ප්රදේශයේ වැවක් ආසන්නයේ තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අදාළ වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් මෙම සතා මියගොස් ඇති බවයි.
මියගිය සතා වයස අවුරුදු 15ත් 20ත් අතර පසුවන හොඳින් වැඩුණු වන අලියෙකු බව වනජීවී නිලධාරීන් පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
