අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ‘භාෂා පාලම’ තරුණ හුවමාරු වැඩසටහනේ නවතම අදියර මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා ආරම්භ විය. ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම සහ ද්විභාෂා හැකියාවෙන් යුතු තරුණ පිරිසක් බිහි කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම වැඩසටහන සඳහා මොරටුව සහ කින්නියා යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් තරුණ තරුණියන් 20 බැගින් තෝරාගෙන ඇත. ඒ අනුව, කින්නියා ප්‍රදේශයේ තරුණ පිරිස දින හතරක කාලයක් මොරටුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ නිවෙස්වල නවාතැන් ගනිමින් අන්‍යෝන්‍ය සංස්කෘතික හා භාෂාමය හුවමාරු වල නිරත වීමට නියමිතය.
සිය සංචාරය අතරතුර කින්නියා තරුණ කණ්ඩායම මොරටුව ප්‍රදේශයේ පවතින පෞරාණික, ආගමික සහ ස්වභාව සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට ද එක්වනු ඇත. මීට අමතරව, දෙපාර්ශවයේම තරුණ තරුණියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හමුවීමට ද අවස්ථාව හිමිව තිබේ.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ තරුණ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර