ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දී ඇත. එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව අධිකරණය විසින් පෙන්වා දී තිබේ.
මෙම කරුණ සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, අදාළ වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවට නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත්, අදාළ වගන්ති සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම මගින් පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාව පවතින බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පත හරහා මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් සඳහා ඉහළ ප්රමිතීන් හඳුන්වා දීම සහ ආයතනයක් ලෙස එය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර