මාතලේ ඕවිල්ල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ පවුල් 42ක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව එම ගම්වාසීන් පවසයි. තමන්ට හිමිවිය යුතු සියලුම ආධාර සහ නව නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විටත් නිසි පරිදි ලැබී ඇති බව ඔවුන් අවධාරණය කරති.
මෑතකදී පැවති දේශපාලන රැස්වීමකදී එම ගම්මානයේ පවුල්වලට සහන ලැබී නොමැති බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගම්වාසීන් මෙම කරුණු අනාවරණය කළේය. දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැම් පාර්ශ්ව මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කරන බව ඔවුන්ගේ අදහසයි.
ආපදාවෙන් පීඩාවට පත් වූ තමන්ට රජය මගින් ලබාදුන් සහන සහ ඉඩම් පහසුකම් පිළිබඳව ගම්වාසීන් සිය කෘතඥතාව පළ කර සිටිති. කිසිදු පදනමක් නොමැතිව සිදුකරන මෙවැනි ප්‍රචාරවලින් ගම්වාසීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
