ජපානයේ නගෝයා නුවරදී ආරම්භ වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව දිනා ගැනීමට හැකිවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිල වශයෙන් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම උත්සවය ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති අසංක සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ලබන 19 වැනිදා ආරම්භ වී ඔක්තෝබර් 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙවර තරගාවලිය ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇති බවත්, ක්‍රීඩකයන්ගේ දක්ෂතා තුළින් රටට කීර්තියක් අත්කර දිය හැකි බවත් බලධාරීන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර