‘සිහින ගමනාන්තය’ (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය පසුගියදා මහජනතාව සඳහා විවෘත කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසුම සහ ආරක්ෂිතම තේරීම බවට පත් කිරීම රජයේ මූලික අරමුණ බවයි.
ශ්‍රී ලංකා දාවුදි බෝරා සංගමය විසින් රුපියල් මිලියන 60ක ආයෝජනයකින් මෙම නවීකරණ කටයුතු සිදු කර ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දුම්රිය ස්ථානය වෙත නව පිවිසුම් ගුවන් පාලමක් ද ඉදිකර තිබේ. පොදු ස්ථාන සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන දක්වන දායකත්වය අග්‍රාමාත්‍යවරිය මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් කළාය.
රටක දියුණුව මනිනු ලබන්නේ පෞද්ගලික වාහන සංඛ්‍යාව මත නොව, ජනතාව පොදු ප්‍රවාහනය භාවිත කරන ආකාරය මත බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. පොදු ප්‍රවාහන සේවාවන් කෙරෙහි ජනතාව තුළ යහපත් ආකල්පයක් ඇති කිරීම සඳහා රජය මේ වන විට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, ලබන වසරේ සිට විදුලි දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව මරදාන සිට මාකුඹුර, පානදුර සහ රාගම දක්වා විදුලි දුම්රිය සේවාවන් ආරම්භ කිරීමට නියමිත අතර, කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ කටයුතු ද ආරම්භ කරන බව ඔහු පැවසීය.
උත්සව අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍ය මුණීර් මුලාෆර්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දාවුදි බෝරා සංගමයේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර