ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඛෙත්තාරාමයේ පවත්වාගෙන යනු ලබන උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ (HPC) පුහුණුකරුවන් වෙනස් කිරීමේ ක්‍රමවේදය අතිශය අසාධාරණ සහ ඒකපාක්ෂික ලෙස සිදු කර ඇති බවට පුහුණුකරුවෝ චෝදනා කරති.

මෙම නව පත් කිරීම් සහ තෝරා ගැනීම් එම අංශයේ ප්‍රධානී රුවන් කල්පගේගේ අවශ්‍යතාවය මත පමණක් සිදු වී ඇති බවත්, ඒ සඳහා පරිවර්තන කමිටු සාමාජිකයෙකුගේ පූර්ණ සහය ලැබී ඇති බවත් වාර්තා වේ. පුහුණු අංශයේ ප්‍රතිසංස්කරණ සිදු කරන මුවාවෙන් අයදුම්පත් කැඳවීම සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම විධිමත් නොවන අයුරින් සිදු කර ඇති බව ඔවුන් පවසයි.

අයදුම්කරුවන් සඳහා පැවැත්වූ ‘ස්කිල් ඔඩිට්’ (Skill Audit) පරීක්ෂණය ද පිළිගත නොහැකි මට්ටමක පවතින බව පුහුණුකරුවන් පෙන්වා දෙති. එම පරීක්ෂණයෙන් අසමත් වූ ඇතැම් පුද්ගලයින්ට පවා නව තනතුරු ලබා දී ඇති අතර, කඩුලු රකින්නෙකුට වේග පන්දු පුහුණුකරුවෙකුගේ වගකීම ලබා දීම වැනි අක්‍රමවත් පත් කිරීම් සිදු කර ඇති බවට ද චෝදනා එල්ල වේ.

මෙම අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් කටයුතු කරන පුහුණුකරුවන් කිහිප දෙනෙකු සූදානමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version