රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් 16,000ක් වෙනුවෙන් නව නේවාසිකාගාර පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මෙම ව්‍යාපෘතිය යටතේ 2025 සහ 2026 වසරවලදී නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා දේශීය අරමුදල් මෙන්ම විදේශීය ණය ආධාර ද යොදාගන්නා බවත්, කිසිදු අමතර ණය බරකින් තොරව මෙම ඉදිකිරීම් සිදුකරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර පහසුකම් සම්බන්ධයෙන් පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. පෞද්ගලික නේවාසිකාගාරවල පවතින ගැටලු සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ප්‍රතිපත්තිය හරහා නව මාර්ගෝපදේශ හඳුන්වා දීමට නියමිතය.
විශේෂයෙන්ම නාගරික නොවන ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාලවලට මුල්තැන දෙමින් මෙම නේවාසිකාගාර ඉදිකිරීම් සිදුකෙරේ. වව්නියාව, යාපනය (කිලිනොච්චිය මණ්ඩපය), අග්නිදිග, ඌව වෙල්ලස්ස සහ සබරගමුව විශ්වවිද්‍යාල සඳහා මේ වන විටත් ප්‍රමුඛතාව ලබා දී ඇත.
එමෙන්ම, විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස රජයේ ඉඩම් යොදාගනිමින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් නේවාසිකාගාර ඉදිකිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර