මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ කෝවිලක පැවැති වාර්ෂික ආගමික උත්සවයක් අතරතුර සිදුවූ අවාසනාවන්ත මල් වෙඩි අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
කිරාන්, කුලාක්කාඩු ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා ඊයේ (11) රාත්‍රී 11.00ට පමණ අදාළ කෝවිලේ පැවැති උත්සවයට සහභාගී වී සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
වාර්තා වන පරිදි, උත්සවය අතරතුර දල්වන ලද මල් වෙඩිල්ලක් නිසි පරිදි පිපිරී නොයෑම හේතුවෙන් එය එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි. පසුව එම මල් වෙඩිල්ල කුමක්දැයි බැලීමට දරුවා ගිය අවස්ථාවේදී එය හදිසියේ පිපිරී යාමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇත.
තුවාල ලැබූ දරුවා වහාම වාලච්චේන රෝහලට ඇතුළත් කළ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර