මාලදිවයිනේ හුලුමාළේ නුවරදී පැවැත්වුණු ‘ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය – 2026’ (Food And Hospitality Asia, Maldives Culinary Competition – 2026) සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදිනියන් පිරිසක් පදක්කම් 16ක් දිනාගෙන පෙරේදා (11) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ලොව පුරා රටවල් 15කට අධික සංඛ්‍යාවක සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පසුගිය 07 වන දින සිට 09 වන දින දක්වා කාණ්ඩ 21ක් යටතේ පැවැත්විණි.
මෙහිදී නාශික් නජිලා මහත්මිය ‘ආර්ටිස්ටික් ෂෝපීසස්’ (Artistic Showpiece) අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් උසස් මට්ටමේ කේක් සහ පේස්ට්‍රි නිර්මාණ, නිරවද්‍ය සැරසිලි සහ ව්‍යුහාත්මක නිර්මාණ වෙනුවෙන් රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගෙන ඇත.
දක්ෂතා දැක්වූ මෙම සූපවේදිනියන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර