ක්ලින් ශ්‍රී ලංකා සංවිධානය විසින් මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් දියත් කර ඇති ‘ටේක්කෙයාර්’ (TAKE CARE) සුරැකෙමු මගතොට වැඩසටහනේ තවත් විශේෂ අදියරක් අද (14) මාතලේ විජය ජාතික පාසලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩසටහන මගින් පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කරමින් මාර්ග නීති පිළිපැදීම සහ ආරක්ෂිත ගමනාගමනය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීම අරමුණු කරයි.

දිවයින පුරා සිදුවන මාර්ග අනතුරු අවම කිරීම සඳහා මෙවැනි වැඩසටහන් මගින් මහජනතාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව සංවිධායකයින් පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version