රටේ රෝහල් පද්ධතිය තුළ රෝගීන් සඳහා අවශ්ය ඖෂධවලින් 95%ක ප්රමාණයක් මේ වනවිටත් සපයා අවසන් කර ඇති බව සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරයෙකු යොමු කළ ප්රශ්නයකට වාචික පිළිතුරු ලබා දෙමිනි.
යම් කිසි රෝහලක ඖෂධ හිඟයක් පවතින්නේ නම්, එම රෝහල්වලට ප්රාදේශීය මට්ටමින් ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්ය මූල්ය ප්රතිපාදන මේ වනවිටත් වෙන් කර ඇති බව ද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
රෝගී සත්කාරක සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්ය පියවර ගෙන ඇති බවත්, ඖෂධ සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
