කොළඹ ගාලු මුවදොර ප්රදේශයේදී 13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම අපරාධය සිදුකළ සැකකරු පිළිබඳ තොරතුරු මේ වන විටත් අනාවරණය වී නොමැති අතර, ඔහු සොයා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය අපේක්ෂා කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුගේ පෙනුම ඇසුරින් මේ වන විටත් පරිගණක ආශ්රිතව නිර්මාණය කරන ලද ආදර්ශ රූප සටහනක් පොලිසිය විසින් නිකුත් කර ඇත.
මෙම සැකකරු පිළිබඳ හෝ ඔහු සැඟවී සිටින ස්ථානයක් ගැන තොරතුරක් වෙතොත් වහාම කොටුව පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
ඒ අනුව, 071-8591560 හෝ 011-2432635 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්ය අංශය වැඩිදුරටත් දන්වා සිටියි.
