රටේ වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් ක්රියාත්මක වන ‘වනස්පති’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ප්රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේ, අදාළ ගැසට් පත්රයට මේ වන විට අත්සන් තබා ඇති බවයි.
මෙම වනාන්තර 20 සඳහා වෙන් කෙරෙන සමස්ත භූමි ප්රමාණය හෙක්ටයාර 9,538.68ක් වේ. නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව සහ අනුරාධපුරය යන දිස්ත්රික්ක හය ආවරණය වන පරිදි මෙම වනාන්තර පිහිටා ඇත.
පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් වනාන්තර 93ක් රක්ෂිත ලෙස ප්රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව මේ වන විට ‘වනස්පති’ වැඩසටහන යටතේ රක්ෂිත ලෙස නම් කර ඇති මුළු වනාන්තර සංඛ්යාව 113කි. එහි සමස්ත භූමි ප්රමාණය හෙක්ටයාර 71,990.26ක් ලෙස දැක්වේ.
ජෛව විවිධත්වය සුරැකීම, ජල පෝෂක ප්රදේශ ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වේ. විශේෂයෙන්ම අඩි 5,000කට වඩා උසින් පිහිටි වනාන්තර සහ පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති ප්රදේශ සංරක්ෂණය කිරීමට මෙහිදී ප්රමුඛත්වය ලබා දී ඇත.
රක්ෂිත ප්රකාශයට පත් කිරීමේ අරමුණ ජනතාව වනාන්තරවලින් ඉවත් කිරීම නොවන බවත්, ජනතා සහභාගීත්වය තුළින් මෙම සම්පත් ආරක්ෂා කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර