ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ‘Six Flags Magic Mountain’ විනෝද උද්යානයට අයත් ජනප්රියතම අංගයක් වන ‘X2’ රෝලර් කෝස්ටරය ස්ථිරවම වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.
මෙම රෝලර් කෝස්ටරය භාවිතා කළ මගීන් සිය ගණනක් තමන්ට දරුණු ලෙස මොළයේ ආබාධ ඇති වූ බවට බරපතළ චෝදනා එල්ල කිරීම මෙම තීරණයට ප්රධාන හේතුව වී තිබේ. අංශක 360ක් භ්රමණය වන ආසනවලින් සමන්විත මෙම අංගය උද්යානයේ ප්රධාන ආකර්ෂණයක් ලෙස පැවතුණි.
එල්ල වූ චෝදනා මත පසුගිය ජූලි මාසයේ සිට මෙම රෝලර් කෝස්ටරය තාවකාලිකව වසා දමා තිබූ අතර, මේ වන විට එය ස්ථිරවම ඉවත් කිරීමට පියවර ගෙන ඇත. අදාළ යන්ත්රය ආරක්ෂිත පරීක්ෂණ රැසකින් සමත් වී තිබුණද, අමුත්තන්ගේ ආරක්ෂාව සහ විශ්වාසය මුල් කරගනිමින් මෙම තීරණය ගත් බව උද්යාන පාලනාධිකාරිය පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් උද්යානයේ සභාපති බ්රයන් ඕර්ඩින් සඳහන් කළේ, ආරක්ෂාව යනු තම ව්යාපාරයේ මූලිකම අංගය බවත්, අමුත්තන්ගේ විශ්වාසය බිඳී ඇති බව පෙනෙන විට එය ඉතා බැරෑරුම් ලෙස සලකන බවත්ය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර