ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සුවිශේෂී පරිවර්තනයක් සනිටුහන් කරමින්, කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය (Paperless Customs Declaration Process) අද (01) සිට ක්රියාත්මක කෙරේ. මෙම නව වැඩපිළිවෙළ ආර්ථික සංවර්ධන නියෝජ්ය ඇමැති නිශාන්ත ජයවීර මහතාගේ ප්රධානත්වයෙන් දියත් කිරීමට නියමිතය.
මෙතැන් සිට සියලුම ආනයනකරුවන් සහ ප්රකාශකයන් විසින් තම රේගු ප්රකාශන (CusDecs) සහ අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව පමණක් යොමු කිරීම අනිවාර්ය වේ. පැරණි ක්රමයට අනුව කඩදාසි මගින් ඉදිරිපත් කරන රේගු ප්රකාශන භාර ගැනීම අද සිට සම්පූර්ණයෙන්ම නතර කෙරේ.
රජයේ රාජ්ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ හඳුන්වා දෙන මෙම පද්ධතිය මගින් රේගු නිශ්කාෂණ ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ. ඩිජිටල් අත්සන භාවිතය හේතුවෙන් ලේඛනවල සිදුවන ඕනෑම වෙනස්කමක් පද්ධතිය මගින් හඳුනාගැනීමට හැකිවීම නිසා දූෂණ සහ වංචා අවම වීම මෙහි ඇති ප්රධාන වාසියකි.
ශ්රී ලංකා රේගුව පසුගිය වසරේදී රුපියල් බිලියන 2,231ක ආදායමක් උපයා ගනිමින් සිය ඉලක්ක අභිබවා යාමට සමත් විය. මෙම නව ඩිජිටල්කරණය හරහා ඉදිරියේදී රේගු කටයුතු තවදුරටත් විධිමත් වී රාජ්ය ආදායම ඉහළ යනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර