උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්යාපෘතියේ තවත් වැදගත් පියවරක් ලෙස කිරිඳි ඔය නිම්නයේ ඉදිකළ කුඩා ඔය ජලාශය පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී. රුපියල් මිලියන 22,017ක පිරිවැයකින් ක්රියාත්මක මෙම ව්යාපෘතිය මගින් ප්රදේශයේ පවුල් 5,000කට ආසන්න සංඛ්යාවකට සෘජු හා වක්ර ප්රතිලාභ හිමිවේ.
උමා ඔය බහුකාර්ය ව්යාපෘතියේ විදුලි බලාගාරයෙන් නිකුත් කෙරෙන ජලය කිරිඳි ඔය ද්රෝණියට හරවා, අලිකොටආර, හඳපානාගල සහ කුඩා ඔය යන ජලාශ පද්ධතිය හරහා කෘෂිකාර්මික හා පානීය ජල අවශ්යතා සපුරාලීම මෙහි මූලික අරමුණයි.
මෙම වාරි පද්ධතිය ඔස්සේ යල සහ මහ කන්න දෙක සඳහා අක්කර 21,038කට ජලය සැපයීමට නියමිත අතර, ජනතාවගේ පානීය ජල අවශ්යතා සඳහා වාර්ෂිකව ඝන මීටර් මිලියන 10ක ජල ප්රමාණයක් වෙන් කර ඇත.
වැල්ලවාය සහ තණමල්විල ප්රදේශවල ඇළ මාර්ග පද්ධති වැඩිදියුණු කිරීමට අමතරව, ග්රාමීය වැව් 58ක් පුනරුත්ථාපනය කිරීමද මෙම ව්යාපෘතියට අයත් වේ. මීට අමතරව, හම්බන්තොට දිස්ත්රික්කයේ කෘෂිකාර්මික හා කාර්මික ජල සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, මිරිදිය මත්ස්ය කර්මාන්තය නංවාලීමටත් පියවර ගෙන තිබේ.
