කුරුවිට බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ සුභසාධන කටයුතු විධිමත් කිරීම සහ හදිසි තත්ත්වයකදී රාජ්ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් නව ඒකාබද්ධ යාන්ත්රණයක් හඳුන්වා දී තිබේ.
මෙම වැඩපිළිවෙළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ කුරුවිට බන්ධනාගාර පරිශ්රයේදී දියත් කෙරිණි.
යාන්ත්රණය ස්ථාපිත කිරීමෙන් අනතුරුව අමාත්යවරයා බන්ධනාගාරගත සැකකරුවන් සහ නිලධාරීන් හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී මත්ද්රව්ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට ඇප ලබාගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්යවරයා රැඳවියන් දැනුවත් කළේය.
මෙම අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්රික් ලේකම්වරයා, නියෝජ්ය පොලිස්පතිවරයා, කුරුවිට ප්රාදේශීය ලේකම්වරයා සහ බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු රාජ්ය ආයතන රැසක නිලධාරීන් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර