ශ්‍රී ලංකාවේ ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම සහ ප්‍රවාහන පිරිවැය අවම කිරීම අරමුණු කරගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නව ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය අද (02) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා කිලෝමීටර් 21ක් දිගු භූගත නළ මාර්ගයක් ඉදිකිරීමට නියමිතය. එමගින් දැනට බවුසර් සහ දුම්රිය මගින් සිදුකරන ඉන්ධන ප්‍රවාහන ක්‍රමවේදය වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ ආරක්ෂිත ක්‍රමවේදයක් ස්ථාපිත කෙරේ.
එමෙන්ම මුතුරාජවෙල ප්‍රදේශයේ ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් නව ඉන්ධන ටැංකි පහක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත. මෙමගින් විශාල ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීමට හැකිවීම හරහා නාවික සහ වරාය ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
මාස 30ක කාලයක් තුළ නිම කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය මගින් මාර්ග තදබදය අවම කිරීම සහ ඉන්ධන ප්‍රවාහනයේදී සිදුවන පාරිසරික දූෂණය අවම කිරීමට ද දායක වේ. නවීන තාක්ෂණයෙන් සහ ස්වයංක්‍රීය කාන්දුවීම් හඳුනාගැනීමේ පද්ධතිවලින් මෙම නළ මාර්ග පද්ධතිය සමන්විත වේ.
මෙම ව්‍යාපෘතිය හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින ජාතික ඉලක්ක සපුරා ගැනීමට ද ඉවහල් වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර