ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබන දරු දැරියන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ සැමරුම් වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. මෙවර ලෝක ළමා දිනය “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ සමරනු ලැබීය.
මෙම වැඩසටහනට සමගාමීව රෝහලේ ප්රතිසංස්කරණය කරන ලද රුධිර කාන්දුකරණ ඒකකය දරුවන්ගේ ප්රතිකාර සේවාවන් සඳහා නිල වශයෙන් විවෘත කිරීම සිදු කෙරිණි.
රෝහල්ගතව ප්රතිකාර ලබන දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ප්රවර්ධනය කිරීම සඳහා විවිධ විනෝදාත්මක වැඩසටහන් සහ ළමා ගී ප්රසංගයක් ද මෙහිදී සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහන් සඳහා නයින්වෙල්ස් රෝහල සහ එල්.බී. ෆිනෑන්ස් ආයතනය සිය දායකත්වය ලබා දී තිබේ.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතා ඇතුළු සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ප්රදීප් රත්නසේකර මහතා ඇතුළු වෛද්ය කාර්ය මණ්ඩලය සහ දරුවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර