කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගැනීම සඳහා එම නිල නිවසේ සේවයේ නියුතු සේවකයන් අට දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර තිබේ. ඒ අනුව, පසුගිය දිනක එක් සේවකයෙකු කොමිසම හමුවේ පෙනී සිටි අතර ඔහුගෙන් පැය කිහිපයක් තිස්සේ ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන ඇත.
ඉතිරි සේවකයන් හත්දෙනාට ලබන ඔක්තෝබර් මස 12, 13, 15 සහ 16 යන දිනවල කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇත. කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වෙනත් විමර්ශනයක් අතරතුර මෙම භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීම විශේෂ අවධානයට ලක්ව තිබේ.
මෙම සිද්ධියට අදාළව කතානායක නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරළ මහතාගෙන් ද මීට පෙර පැය පහකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම විසින් දීර්ඝ ලෙස ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන තිබිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර